අධ්‍යාපන අමාත්‍යාංශය සහ එල්.කේ. ඩොමේන් ආයතනයේ සහයෝගීතාවයෙන් වෙබ්කොම්ස් ග්ලෝබල් ආයතනය විසින් ක්‍රියාත්මක කරන "සයිබර් ලොවට පියාපත්" වැඩසටහනට බලංගොඩ අධ්‍යාපන කලාපයෙන් අප පාසලද තෝරාගනු ලැබිණි.
ඒ අනුව වෙබ් අඩවි නිර්මාණය පිළිබදව පැවැත්වුණු දින තුනක වැඩමුළුව සදහා අපේ පාසල නියෝජනය කරමින් සිසුන් 10 දෙනෙකු පමණ සම්බන්ධ වී සාර්ථකව පුහුණුව නිම කරන ලදි. ඉන් පසුව පුහුණුව ලත් කණ්ඩායම විසින් පාසලේ නිල වෙබ් අඩවිය නිර්මාණය කර සංවර්ධනයට කටයුතු කරමින් සිටී.
ගුරුබෑවිල විදු මැණියන්ගේ නාමය නොබෝ දිනකින්ම සයිබර් අවකාශයට එක් කරමින් පාසල් වෙබ් අඩවිය එළිදැක්වීමට සියළු කටයුතු සූදානම් වෙමින් පවතී.
බලංගොඩ කලාප අධ්‍යාපන කාර්යාලය, තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකතුමිය, අප පාසලේ ගරු විදුහල්පතිතුමන්, තොරතුරු තාක්ෂණ ගුරුතුමිය ඇතුළු සියළු ගුරුභවතුන් හා සහය දැක්වූ සියළු දෙනාට අපගේ හෘදයාංගම ස්තූතිය පිරිනමමු.