සබරගමුල පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම්
කොට්ඨාසයේ, ගුරුබැවිල ග්‍රාමයේ ර/ ගුරුබැවිල විද්‍යාලය පිහිටා ඇත.
බලන්ගොඩ නගරයේ සිට කි.මි. 20 පමණ පින්නවල මාර්ගයෛ් පැමිණි විට ර/
ගුරුබැවිල විද්‍යාලය හමුවේ.
මෙම විද්‍යාලය බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ,
ඉඹුල්පේ අධ්‍යාපන කොට්ඨාසයට අයත් 2 වර්ගයේ පාසලකි.
වර්ෂ 1935 ක් වූ මාර්තු මස 02 ලන දින අතිගරු ඉංගිරියේ ධීරාරාම
හිමිපාණන්ගේ මුලිකත්වයෙන් මෙම විද්‍යාලය ආරම්භ විය. ගුරුබැවිල ශ්‍රී
ජිනේන්ද්‍රාරාම විහාරස්නානයේ එක් කොටසක රජයට අයත් නොවන පාසලක්
ලෙස මෙය ආරම්භ විය. පසුව 1946 මැයි මස 07 වන දින මෙමම පාසල ර/
ගුරුබැවිල විද්‍යාලය නමින් රජයට පවලරා ගන්නා ලදී. එහි ප්‍රථම විදුහල්පති
ලෙස එල්.බි. රත්නානායක මැතිතුමා පත්වූ වූ අතර ඇදුරුමඩුල්ල පස් දෙනෙක් විය.
ඒ වන විට ශිෂය සංඛ්‍යාව 110 ක් පමණ විය.